ඔන්න මම ගේනවා පට්ට ෆිල්ම් එකක් මම ආසා කරන
කතාව ගැන කියනවා නම් ෆේඩ්රික්සන් ගේ පොඩි කාලේ විරයා තමයි
චාල්ස් මොන්ට්ස් කියන්නේ එයාගේ විර චිත්‍රපටි ගවේෂන අනිවාර්යෙන්ම නරඔන කෙනෙක් තමයි ෆේඩ්රික්සන්.දවසක් චාල්සි මොන්ට්ස් ට කැමති තවත් කෙනේ ෆේඩ්රික්සන්ට හමුවෙනවා.ඒ තමයි එලි.එලිත් ටිකක් දැගලිලක් තියන ගැණු ළමයෙක් එලිගේ ගාන පොතක් තියනවා.මේකේ එලි කරන්න හිතාගෙන ඉන්න වික්‍රමාන්විත ක්‍රියාවක් ගැනයි තියෙන්නේ.ඒ තමයි දකුණු ඇමරිකාවේ තියන පරාදිසයේ දිය ඇල්ල බලන්න යන්න.ඇය මේ පොත පෙන්වන්නේ ෆේඩ්රික්සන්ට විතරයි.දෙන්නා හොද යාළුවෝ බවට පත්වෙනවා.කාලයක් යද්දි ෆේඩ්රික්සන් හා එලි ආදරය කරලා විවාහවෙනවා. චිත්‍රපටියේ ඔවුන් දෙදෙනාගේ ජිවිත කතාව පෙන්වන්න ගන්නේ විනාඩි 7 ඉදලා විනාඩි 15වෙනකම් ගන්න විනාඩි 7 විතරයි.ඒ විනාඩි 7 ඇතුලේ කිසිම දෙබසක් ඇතුලත් වෙන්නේ නෑ.පසුබිම් නාදයක් විතරයි ඇතුලත් වෙන්නේ ඒ විනාඩි 7 තමයි මට චිත්‍රපටියේ වැඩියෙන්ම දැනුන විනාඩි 7.ඔබටත් අනිවාර්යෙන් ඒ අත්දැකිම ලැබේවි.කොහොම හරි මේ දෙන්නාම වයසට යනකම්ම හුගක් ආදරෙන් ජිවත් වෙනවා.දිනක් එලි සදහටම මේ ලෝකයෙන් සමුගන්නවා. ෆේඩ්රික්සන්ට මේ ලොකේ තනිවෙනවා. ෆේඩ්රික්සන්ට කරදර ගොඩකටත් මුණ දෙන්න වෙනවා.දිනක් ෆේඩ්රික්සන්ට අර එලිගේ වික්‍රමාන්විත ක්‍රියාවක් ගැන ලියලා තියන පොත හම්බවෙනවා.එලි ඒ හිනේ හැබැ කරගන්න ජිවිත කාලේම බැරි උනා.නමුත් ෆෙඩ්රික්සන් හිතාගන්නවා එලිගේ මේ හිනේ හැබැ කරන්න එයා කොහොම හරි මේ දකුණු ඇමරිකාවේ තියන පරාදිසයේ දිය ඇල්ල ගාවට යනවා කියලා ජිවත් වෙන්න....මෙතනින් එහාට මම මුකුත් කතාව කියන්නේ නෑ.ඔය කතාවේ මුල විනාඩි කිහිපය.ජිවිතේට දැනෙන උපරිම ලස්සන කතාවක් අනිවාර්යෙන් අරන් බලන්න.මේ චිත්‍රපටිය පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු අයටත් ආසාවෙන් බලන්න පුලුවන් එකක්.මේ ෆිල්ම් එක බලන හැමවෙලාවකම මට හිතුනේ ඇත්තටම ''ෆේඩ්රික්සන් හා එලි අතර වගේ ආදරයක් ලබන්න මගේ ජිවිතයටත් ලැබෙනවා නම් ඒක කොච්චර වටින දෙයක් වේවිද යන්නයි '' මම හිතන්නේ හැමෝටම ඒ හැගිම දැනේවි.
මම කියනවට මේ 600 mb file එක අරන් බලන්නකෝ කොලිටිය නම් එල කිරි වගේ තමා මචෝ මේ ලින්ක් එකෙන් අරන්ම බලන්නකෝ සිංහල සබ් ෆඉල් එකත් තියනවා ෆිල්ම් එකේම
http://thepiratebay.se/torrent/7137671/Up_%282009%29_720p_BrRip_x264_-_600MB_-_YIFYලිව්වේ ප්‍රමුදිත මදුසංක
0 comments:
Post a Comment