Sunday, January 13, 2013

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න

1 comment

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න



සුබ දවසක් යාලුවනේ !

ඔන්න මම ඔයාලට අද ගෙනාව  මේ දවස් වල ගොඩක් ජනප්‍රිය දෙයක් ගැන ඒ තමයි 3D video. මුලින්ම  ඔයාලට කියන්න  ඕනේ  මේක  බොරුවක්  එහෙම නෙමෙයි  කියල.  මොකද  මගෙ  බ්ලොග් එකේ  බොරු  දාන්නෙනෑ. මේක හොඳට  අත්හදා  බලල  තමයි මේක දැම්මේ.  3D video බලන්න කවුරුත් කැමති ඇති නේද? 


මොකද ලංකාවේ හැම තැනම 3D film පෙන්නන Hall නෑනෙ. ඒ  වගේම හැමෝම ගාව නෑනෙ 3D Tv /3D මොනිටර්ස්. ඒ වගේම තමයි 3D video බලන්න විශේෂිත කන්නාඩියක් ඕනෙ කියල හැමෝම දන්නව ඇති නේද? ඒ කන්නාඩියක් රුපියල් 1000 කට වඩා ගනන්නේ. ඒක නිසාම මම හිතුව ඔයාලට රුපියල් 40 කට වගේ පොඩි මුදලකට  කන්නාඩිය ගෙදරදිම හදාගෙන ගෙදර ඉඳලම 3D video බලන්න පුළුවන් විදිහක් කියන්න.                     
මම පියවරෙන් පියවර කියන්නම්.
 

1. මුලින්ම ඔයාල අයින් කරපු  Sun glass එකක් ගන්න(ලෙන්ස් දෙක අයින් කරන්න ). Sun glass එකක් නැති අය kard board එකක් අරගෙන කන්නාඩියක් විදිහට හදා ගන්න.

2.  ඒකට රතු පාට සහ නිල පාට cello pane කොලයක් ගානට කපල රැලි නැති වෙන්න අලවන්න. එක සැරයක් ඇලවුවට මදි.අලවපු එකට උඩින් තව එක සැරයක්(ඔක්කොම දෙපාරක්) ඇලවුවට පස්සේ තමයි නියමෙට Filter වෙන්නෙ.  (කන්නාඩිය දැම්මට පස්සෙ වම් ඇහැට එන්න ඕනෙ රතුපාට පැත්ත  මතක තියාගෙන අලවන්න)    

වැඩේ කොච්චර ලේසිද  බලන්න...

මෙන්න බලන්න මම හදා ගත්ත 3D glass එක.   මේ photo එක ගත්තෙ  කියල මගෙ යාලුවෙක්  එයාවත් මතක් කරන්න ඕනෙ. 

 දැන් තමයි හොඳම වැඩේ තියෙන්නෙ මේකට ගැලපෙන (3D Support කරන) software එක  Download කර ගන්න එක . හොඳටම 3D  වැඩ කරන්නෙ PowerDVD 11 වල විතරයි ඒක නිසා ඔයාලට PowerDVD 11 නැත්නම් download කර ගන්න වෙනවා.


PowerDVD 11 torrent වලින් Download කර ගන්න 


ඒක install කරලා ඉවර වෙලා පහල තියෙන ලින්ක් එකේ video ටික බලන්නකෝ.  online බලන්නත් පුළුවන් 
  
download කරගෙන  PowerDVD වලින් open කරාට පස්සෙ 3D කියල button එකක් තියෙනවා පහල ඒක click කරන්න. ඊට පස්සෙ කන්නාඩිය නැතුව video එක බලනකොට video එක බොඳ වෙලා වගේ පෙනෙයි. දැන් කන්නාඩිය දාල බලන්න. කොහොමද වැඩේ?  

ඔයාලට 3D කන්නාඩිය හදා ගන්න අමාරුයි වගේ නම් Ebay එකෙන් Order කරන්න පුළුවන් රුපියල් 250 ක් වගේ මුදලකට. Ebay එකෙන් Order කරනව නම් පහල තියෙන Ebay Photo එක උඩ Click karannaමමත් මේ ලින්ක් එකෙන් තමයි 3D Glasses  එක order කලේ 
  







මම යනව එහෙනම්.
comment එකක් දාලම යන්න ඒක මට ගොඩක් වැදගත්. 

1 comment:

  1. 3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න >>>>> Download Now

    >>>>> Download Full

    3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න >>>>> Download LINK

    >>>>> Download Now

    3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete